ලෝක කුසලාන එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් පැවති උණුසුම්ම සහ උද්වේගකර අවසන් මහා තරඟය ඊයේ නිමා වුනේ එංගලන්තයට කුසලානය හිමි කර දෙමින් වුවත් තරඟයෙන් පසු ක්‍රීඩා ලෝලීන්ට නැවත කතා කරන්නට මාතෘකා රැසක් ඉතිරි කළා.

ඒ අතරින් අවසන් පන්දු වාරයේදී ලකුණු දෙකෙක් කරා දුවමින් සිටියේදී බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ වැදී පන්දුව හතරේ සීමාව කරා වැදී යාම නිසා විනිසුරුවන් ඔවුන්ට ලකුණු 6ක් ලබා දුන්නා.

කුමාර් ධර්මසේන සහ මරායෙස් එරාස්මස් ලබාදුන් එම තීරණය දැඩි ලෙස ආන්දෝලනයට තුඩුදුන් අතර සැබවින්ම එම අවස්ථාවේදී එංගලන්තයට හිමිවිය යුත්තේ ලකුණු 5ක් බවයි පුනරූපන දර්ශන වලින් දකින්නට ලැබුණේ.අතිශය තීරණාත්මක මොහතක ලබාදුන් එම තීරණය නිසා අවසානයේ නවසීලන්තයට පරාජය උරුම කරගන්නට සිදු වූ අතර ඔවුන්ට ඉතිරි වුනේ සුහසක් ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය සහ අනුකම්පාව පමණි.

ක්‍රිකට් විශාරදයින් පේනවා දුන්නේ ක්‍රිකට් නීතිපොතේ 19.8 වගන්තියට අනුව පිතිකරුවකු ලකුණු ලබාගැනීමට දිවයමින් සිටියදී පිතිකරුවාගේ ඇගේ හෝ පිත්තේ ඔහුගේ අනුදැනුමකින් තොරව පන්දුව වදින අවස්වථාට පෙර ඔහු සම්පුර්ණ කර තිබු ලකුණු ගණන සහ පන්දුව වැදුණු පසු ඔහු ලබාගන්න ලකුණු ගණන ඔහුට ලැබෙනු ඇති බවයි. ඒ සදහා පිතිකරුවන් දෙදෙනාම තම සීමාවන්ට පැමිණිය යුතු වනවා.

ඊයේ තරඟයේදී බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ පන්දුව වදින අවස්ථාව වන විට ඔහු එක ලකුණක් සම්පුර්ණ කර තිබු අතර දෙවෙනි ලකුණු ස්ටොක්ස් සහ අනෙක් අන්තයේ සිටි අදිල් රෂිඩ් සම්පුර්ණ කර තිබුනේ නැහැ. මේ අනුව පන්දුව හතරේ සීමාවට ගිය පසු ඔහුට හිමි විය යුත්තේ ලකුණු 5ක් පමණි.මේ පිළිබඳව අදහස් දක්වමින් ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ දක්ෂ විනිසුරුවරයෙකු මෙන්ම වර්තමානයේදී මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් නීති සම්පාදක උප කමිටුවක සාමාජිකයෙකු වන සයිමන් ටෝෆල් පවසා තිබුනේ එම අවස්ථාවේදී විනිසුරුවරුන් වරදක් සිදු කල බවයි.

ඔහු ඕස්ට්‍රේලියානු මාධ්‍යයට මෙසේ පවසා තිබුණා,

“එය පැහැදිලිව පෙනෙනවා වරදක් කියලා, එක වැරදි තීන්දුවක්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here