වසංගතය නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ක්‍රිකට් කමිටුව මගින් ක්‍රිකට් නීති පොතට අදාළ නීති රෙගුලාසි කිහිපයක් සංශෝධනය කර ඇති අතර, නව නීති කිහිපයක්ද ඇතුළත් කර තිබේ.ඒ හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්බිලේගේ (අයි.සී.සී. ක්‍රිකට් කමිටුවේ ප්‍රධානී) ප්‍රධානත්වයෙන් පෙරේදා (18දා) පැවැති ක්‍රිකට් කමිටුව රැස්වීමේදී ගත් තීරණයකට අනුවය.

මෙහිදී සංශෝධනය කළ නීති අතරට කෝවිඩ් -19 වසංගතය අවසන් වන තෙක් ජාත්‍යන්තර තරගවලට විනිශ්චය කිරීමට සත්කාරක රටේ විනිසුරුවන් යොදා ගැනීමට තීරණය වී තිබේ.
කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් දේශසීමා වසා දැමීම, සීමිත ගුවන් ගමන් හා අනිවාර්යය නිරෝධායන කාල සීමාවන් යන බාධාවන් සැලකිල්ලට ගෙන කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ.එමෙන්ම ජාත්‍යන්තර තරගවලට සහභාගි වන ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ සහය කාර්ය මණ්ඩලය සති 02ක් අනිවාර්යයෙන් හුදෙකලා වී නිරෝධායනය විය යුතු බව, පන්දුව ඔපදැමීමට දහඩිය පමණක් භාවිත කිරීම, විනිසුරු තීරණ නැවත විමසීමේදී (DRS) එක් කණ්ඩායමකට එක් ඉනිමකට අතිරේක අවස්ථාවක් ලබාදීම යන කරුණු ඇතුළත් කර තිබේ.
මෙම නිර්දේශ අයි.සී.සී. අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යැවෙන අතර, එය මෙම මස 28 වැනි දින වීඩියෝ සමත්‍රණයක් මගින් රැස්වීමට නියමිත අයි.සී.සී. අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අනුමත කිරීමට නියමිතය.

මේ දිනවල ලොව පුරා වසංගතයක් ලෙස පැතිර යන කෝවිඩ් -19 වසංගතය මිනිසාගේ ඛේටයෙන් (කෙළවලින්) බෝවන බව තහවුරුවීමත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව මගින් පන්දුව ඔප දැමීමට ඛේටය යොදා ගැනීම තහනම් කර තිබේ.කෙසේ වෙතත් ක්‍රිකට් කමිටුව මීට පෙර පන්දුව ඔපදැමීම සඳහා කෘත්‍රිම ද්‍රව්‍යවලට අවසර දීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, ඒ අනුව පන්දුව කෘත්‍රිම ද්‍රව්‍යවලින් පළුදු කිරීමේ හැකියාව ඇති හෙයින් ඊට අවසර නොදීමට තීරණය කර තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව කෘත්‍රිම ද්‍රව්‍ය නිසියාකාරයෙන් අර්ථකථනය කළ නොහැකි හෙයින් සහ ක්‍රීඩකයන් පන්දුව පළුදු කිරීමට මෙමගින් වැඩි වශයෙන් පෙළඹීය යන්න උපකල්පනය මත පිහිටා මෙම තීන්දුව ගෙන තිබේ. ඒ අනුව මින් ඉදිරියට පන්දුව ඔප දැමීමටදහඩිය පමණක් භාවිත කිර්මට නියමිතය.

අයි.සී.සී. ක්‍රිකට් කමිටුව සහ අයි.සී.සී. වෛද්‍ය උපදේශක කමිටුවේ සභාපති ආචාර්ය පීටර්ග හාකෝට් පන්දුව ඔපදැමීම සඳහා දහඩිය භාවිත කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිර්මක්ද සිදුකර තිබේ.එම පැහැදිලි කිරීමට අනුව කෝවඩ් -19 පහසුවෙන්ම මිනිසාගේ ඛේටයෙන් සම්ප්‍රේෂණය වන හෙයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිටියේ කෙළ ගැසීම තහනම් කර තිබේ. එබැවින් ක්‍රිකට් පන්දුව ඔපදැමීම සඳහා දහදිය පමණක් භාවිත කිර්මට සුදුසු බව ඒකමතිකව නිර්දේශ කර තිබේ.

“වෛරසය දහඩිය හරහා සම්ප්‍රේෂණය වීමට බොහෝ දුරට ඉඩක් නැහැ. එහෙයින් පන්දුව ඔප දැමීම සඳහා දහඩිය භාවිතය තහනම් කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ක්‍රීඩා පිටියේ හා අවට වැඩි දියුණු කළ සනීපාරක්ෂක ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලෙස අපි ඉල්ලා සිටියා. අනෙක් කරුණ නම් කෘත්‍රිම ද්‍රව්‍ය භාවිතය කොතරම් දුරට ප්‍රායෝගික වේවිද? ඉටි සහිත රෙදිවලට ඉඩ දෙන්නද? වැස්ලීන්වලට ඉඩ දෙනවාද? මින්ට් භාවිත කිර්මට ඉඩ දෙනවාද? පන්දුව මත කිසියම් කෘත්‍රිම ද්‍රව්‍යයක් භාවිත කිරීම ක්‍රීඩාවේ. පවත්නා නීති උල්ලංඝනය කිරීමක්, එහෙයින් එවැනි නීතියක් උල්ලංඝනය කිරීමට කමිටුවට අවශ්‍ය නැහැ.

නමුත් පන්දු යවන්නන්ට හිතකර ලෙස තණතීරු සැකසුවහොත් මෙහි සමබරතාව යථා තත්වයට පත්කළ හැකි වේවි.”යැයි අයි.සී.සී. ක්‍රිකට් කමිටුවේ සහ අයි.සී.සී. වෛද්‍ය උපදේශක කමිටුවේ සභාපති ආචාර්ය පීටර් හාකෝටි වැඩිදුරටත් පැවසීය. විනිසුරු තීරණ නැවත විමසීමට අතිරේක අවස්ථාවක් විනිසුරු තීරණ නැවත විමසීමේදී (DES) එක් කණ්ඩායමකට එක් ඉනිමකට අතිරේක අවස්ථාවක් ලබාදීම කෙරෙහිද අයි.සී.සී. ක්‍රිකට් කමිටුවේ අවධානය මෙහිදී යොමුව තිබේ. ඒ අනුව තීරණ ගැනීමේදී පක්ෂග්‍රාහී වීම වැළැක්වීම සඳහා සමාලෝචන අවස්ථා වැඩි කිරීම කමිටුවේ නිර්දේශය වී තිබේ.ලොව පුරා සිටින විනිසුරුවන්ගේ පුළුල් සංචිතයක් පත්කිර්මට සහාය වීම සඳහා තාක්ෂණය භාවිතය වැඩි කිරීමටත්, එක් කණ්ඩායමකට එක් ඉනිමකට අතිරේක ඩී.ආර්.එස්. සමාලෝචන අවස්ථාවක් හඳුන්වා දීමටත් මෙහිදී නියමිතය.

මේ අතර ක්‍රිකට් කමිටුව අවධානය යොමුකළ තවත් කරුණක් වනුයේ අතිරේර්ක ක්‍රීඩකයන් සංඛ්‍යාව වැඩි කරන්නේද යන්න පිළිබඳවයි. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයද කෝවිඩි -19 වෙරසය හේතුවෙන් අතිරේක ක්‍රීඩකයන් 05ක් දක්වා පවත්වාගෙන යෑමට අවස්ථාව ලබාදී තිබුණු අතර, අතිරේක ක්‍රීඩකයන් සංඛ්‍යාව වැඩි කිරීමේ යෝජනාව පළදරා නොමැත.

දැනටමත් සහන අවස්ථාවකදී ක්‍රිඩකයෙකු ප්‍රතිස්ථාපනය කිරීමේ ඉඩ ප්‍රස්ථාව ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින බැවින් එම යෝජනාව අනුමත වී නොමැත. එසේම කෝඩ් – 19 පරීක්‍ෂණයක් පැය භාගයකින් කළ හැකි බව අයි.සී.සී. වෛද්‍ය උපදේශක කමිටුවේ සභාපති ආචාර්ය පීටර් හාකෝටි, කමිටුවට පවසා ඇති අතර, ක්‍රීඩකයන් ඉක්මනින් පරික්ෂා කළ හැකි නම් අතිරේක ක්‍රීඩකයන් වැඩි කිරීම අනවශ්‍ය බව අවසන් නිගමනය වී තිබේ. මීට අමතරව වෛද්‍ය ක්‍රියා පටිපාටියට අනුව කණ්ඩායම් සහ පුහුණු කාර්යමණ්ඩලය සති 02ක කාලයක් හුදෙකලා වී නිරෝධායනය අනිවාර්ය වීම හේතුවෙන් කමිටුව කෝවිඩ් ආදේශක අවශය නොවන බවට තීරණය කර තිබේ. මෙම අයි.සී.සී. ක්‍රිකට් කමිටුවට අනිල් කුම්බිලේ, ඇන්ඩෲ ස්ටෝස්, මහේල ජයවර්ධන, රාහුල් ඩ්‍රාවිඩ්, ටීම් මේ, මිකී ආතර්, ඩේවිඩ් වයිට්, රිචඩ් ඉලිංවර්ත්, රන්ජන් මඩුගල්ල, ජෝන් ස්ටීවන්සන්, කයිල්කෝටිසර්, ෂෝන් පොලොක්, බෙලින්ඩා ක්ලාක්, ඩේවිඩ් කෙන්ඩික්ස්, ශෂානාක් මනෝහර්, මනු සැව්නි සහ ක්ලයිව් හිච්කොක් ඇතුළත්ව සිටිති.

පැතුම් ශ්‍රී විජේරත්න/ ඕෂිත වරකපිටිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here