මොනරාගල නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපිට ත්‍රීවීල් රථයකින් බීලූණු විකුණන අතරතුරදී කසිප්පු අලෙවි කරමින් සිටි තරුණයෙකු මොනරාගල පොලීසියේ රථවාහන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසියට ලද තොරතුරක් මත කළ වැටලීමේදී ත්‍රීවීල් රථයේ පටවා තිබූ බීලූණු අස්සේ සඟවා තිබූ කසිප්පු පැකට් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඒ අසල පිහිටි ඔහුගේ නිවසේ තිබූ කසිප්පු පෙරීමට උපයෝගී කරගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත. කසිප්පු හා සැකකරු මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ මහතාගේ උපදෙස් පිට රථවාහන අංශයේ ස්ථානාධිපති පො.ප බුද්ධික අබේකෝන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකැර ඇත.

බිබිල නඳුන් ගුණතිලක

 

 

 26 total views

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here