SAJHA(Citizen)-IPL තරගාවලියේ 9 වන තරගයේ දී සුවිශේෂී පන්දු රැකීමක නිරත වීමට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ නිකලස් පූරාන් සමත් වුණා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහි මෙම තරගයේ දී ඔහු අදාළ දක්ෂතාව දැක් වූයේ 8 වන පන්දුවාරයේ තෙවැනි පන්දුවටයි.

එහිදී සංජු සැම්සන් එල්ල කළ දැවැන්ත පහරකින් පසුව පන්දුව හයේ සීමාව කරා යමින් පැවතුණේ පන්දු රකින්නෙකුට එය උඩ පන්දුවක් ලෙස රැක ගත හැකි වේදැයි යන සැකය රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට ඉතිරි කරමින්.

කෙසේ වෙතත්, අවසන් මොහොතේ එය හයේ සීමාව පසු කරන බව සියලු දෙනාට අවබෝධ වුවත්, පන්දු රකිමින් සිටි නිකලස් පූරාන් සිය උත්සාහය අත්හැරියේ නැහැ.

හයේ සීමාව ඉක්මවා යමින් පැවැති පන්දුව උඩ පන්දුවක් ලෙස අති දක්ෂ ලෙස එක් අතකින් පමණක් රැක ගැනීමට ඔහු සමත් වුණේ උඩුගුවනේ දී යි.

කෙසේ වෙතත්, ඒ වන විට ඔහු ද හයේ සීමාව ඉක්මවා ගොස් අවසන්.

රැක ගත් පන්දුව ක්ෂණයකින් ක්‍රීඩාංගනය තුළට විසි කිරීමට පූරාන් සමත් වූයේ සියලු දෙනා මවිතයට පත් කරමින්.

හයේ සීමාවෙන් පිට සිට උඩු ගුවනේ දී එක් අතකින් උඩ පන්දුව රැක ගනිමින් අනතුරුව එය උඩු ගුවනේ දී ම යළි ක්‍රීඩාංගනය තුළට විසි කිරීමට ඔහු ගත් උත්සාහය අයි.පී.එල් ඉතිහාසයේ පමණක් නොව 20යි 20 තරග ඉතිහාසයේම සුවිශේෂීම පන්දු රැකීම ලෙසටයි ක්‍රීඩා විචාරකයින් හදුන්වනු ලැබුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here