ඇටමිදුළු බද්ධ කිරීමක් සඳහා හෙට (10 ) ඉන්දියාව බලා පිටත්ව යාමට සිටි මාස 5 ක් වියැති බිළිදකුගේ පියාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් ෆෝන්සේකා මහතා සඳහන් කළා.

කොරෝනා වයිරසය ආසාදිත මෙම පුද්ගලයා මහනුවර පදිංචිකරුවකු වන අතර ඔහුගේ දරුවා ඇට මිදුළු රෝගයෙන් පෙලීම හේතුවෙන් මස 5 ක පමණ කාලයක් පුරා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මේ හේතුවෙන් දරුවාගේ මව සහ පියා කොටිකාවත්තේ ඥාති නිවසක රැදී සිට ඇති බවද නලීන් ෆෝන්සේකා මහතා පැවසුවා.

කෙසේ වෙතත් ඔහුගේ බිරිඳට හා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවට වයිරසය ආසාදනය වී නොමැති බව රිජ්වේ ආර්යා රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෙම පුද්ගලයා සිය දරුවා බැලීමට නිතර නිතර රෝහලට පැමිණ ඇති අතර මේ හේතුවෙන් වට්ටුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය පී සී ආර් පරීක්ෂණයට ලක් කළ බවද රෝහල් ආරංචි මාර්ග පවසනවා.

තමන් කොරෝනා ආසාදිතයකු යයි නොදැන සිටි දරුවාගේ පියා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලට, පිටකොටුවට මෙන්ම නාරාහේන්පිට පෞද්ගලික රෝහලකටද ගොස් ඇති අතර භාණ්ඩ මිළදී ගැනීමට සහ විදේශ ගත වීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබා ගැනීමට පිටකොටුව හා කොටුව ප්‍රදේශයට නිතර නිතර ගොස් ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල ආරංචි මාර්ග පවසනවා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here