බස්නාහිර පළාතෙන් බැහැර සෙසු දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අඩු මට්ටමක පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඒ මහතා අද (13) මේ බව පැවසීය.

සැලකිය යුතු ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ, බස්නාහිර පළාතෙන්, විශේෂයෙන් කොළඹ මහනගර සභා ප්‍රදේශයෙන් බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

ඊයේ(12) දිනයේදී වාර්තා වු ආසාදිතයන් 396දෙනාගෙන් 296දෙනෙකු බස්නාහිර පළාතෙන් බවද, එයින් 232දෙනෙකු කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ බවද ඒ මහතා පැවසීය.

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකටම තවදුරටත් සීමා පැනවීම සහ පීසීආර් පරීක්ෂණ හේතුවෙන් එම පළාතෙන් වාර්තා වන ආසාදිතයන් ගණන අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

source : lankadeepa.lk

 50 total views

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here