ලංකා ප්‍රීමියර් ලීග් සමාරම්භක විස්සයි විස්ස තරඟාවලියේ තේමා ගීතය ඊයේ එලිදක්වනු ලැබුවා.

එල්.පී.එල්. තරඟාවලිය ලබන 26 වැනිදා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.ඒ සඳහා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙන්ම නම ගිය විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම එක්ව සිටිනවා.

මේ අතර, එල්.පී.එල්. තරඟාවලියේ විකාශන අයිතිය )සෝනි, ස්කයි ස්පෝට්ස් සහ පාකිස්තාන පී-ටීවි ආයතන මගින් මිලදී ගෙන තිබෙනවා.එමඟින් තරඟාවලිය දකුණු ආසියාතික කලාපයේ පමණක් නොව බ්‍රිතාන්‍යයේද විකාශය කෙරෙනු ඇති.

මේ අතර, එල්.පී.එල්. තරඟාවලියට සහභාගි වීම සඳහා පැමිණ සිටින පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක සොහෙල් තන්වීර් සහ කැනඩා ක්‍රීඩක රවීන්ද්‍රපෝල් සිංට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ඔවුන් හුදෙකලා කර ප්‍රතිකාර කරන බව සඳහන්.

truenews.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here