හෙට අලුයම 5 සිට හුදකලා කෙරෙන මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ල වීදිය පොලිස් වසම් වල ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්තශාලා සහ උසාවි කටයුතු පවත්වාගෙන යා හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම, මෙම ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවාවන් සහ රාජ්‍ය ආයතන ද පවත්වාගෙන යා හැකියි.

මෙම සියලු ආයතන සෞඛ්‍ය බලධාරින්ගේ දැඩි අධීක්ෂණය සහ මාර්ගෝපදේශ යටතේ පැවැත්විය හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ.

 34 total views

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here