හෙට (16) අලුයම සිට හුදකලා ප්‍රදේශ බවට පත්වන කොටුව, පිටකොටුව යන ප්‍රදේශ හරහා මගී ජනතාවට ගමන් කිරීමේ ගැටලුවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.අද (15) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, වෙනත් ප්‍රදේශයක සිට පැමිණෙන පුද්ගලයෙකුට පිටකොටුව ප්‍රදේශය හරහා බස් රථයකින් හෝ දුම්රියකින් වෙනත් ගමනාන්තයක් වෙත ගමන් කළ හැකි බවය.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කළේ “කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඒ වගේම පුද්ගලික බස් නැවතුම්පොළ ක්‍රියාත්මක වෙනවා. කෙසේවෙතත් කොළඹ නගරයට පැමිණෙන සහ කොළඹ නගරයෙන් පිටත්වයන පොදු ප්‍රවාහන සේවා, පෞද්ගලික ප්‍රවාහන සේවා හුදකලා කරන ලද පොලිස් බලප්‍රදේශවල කිසිම ආකාරයකට නවත්වන්න බෑ. මගීන් ලබාගැනීමට හෝ මගීන් බැස්සවීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. පිට ප්‍රදේශයක සිට පිටකොටුවට පැමිණි යම් තැනැත්තෙකුට එතන සිට වෙනත් ගමනාන්තයක් දක්වා ගමන් කිරීමට කිසිම බාධාවක් නෑ. නමුත් හුදකලා කරනලද ප්‍රදේශවලට ගමන් කරන්න සම්පූර්ණයෙන් තහනම්. මරදාන, වේල්ල වීදිය, කෙසෙල්වත්ත, පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤ වීදිය පොලිස් බලප්‍රදේශ ආශ්‍රිතව ජනතාවගේ එදිනෙදා කටයුතුවලට අවශ්‍ය සෞඛ්‍යට අදාළ ආයතන, ජලය, විදුලිය, සන්නිවේදනය, බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ආයතන මාධ්‍යට අදාළ ආයතන පවත්වාගෙන යෑමට හැකියාවක් ලැබෙනවා.” යනුවෙනි.

adaderana.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here