නූතන ලෝකයේ පුද්ගල සන්නිවේදනයේ ජනප්රිය මෘදුකාංග යෙදවුමක් වන වට්ස්ඇප් දුරකතනයක් නොමැතිව භාවිත කිරීමේ අවස්ථාව එහි ග්රාහකයින්ට නුදුරේදීම හිමිවනු ඇති.
ඒ සඳහා වූ තාක්ෂණය මේ වනවිට කුඩා කණ්ඩායම් යොදවා අත්හදා බලන බවයි ෆේස්බුක් හිමිකාරීත්වය දරන වට්ස්ඇප් සමාගම සඳහන් කළේ.
දැනට ඩෙස්ක්ටොප්, ලැප්ටොප් සහ ටැබ් ආදී පරිගණක හරහා සන්නිවේදනයේ යෙදීම සඳහා ජංගම දුරකතනයක් උපයෝගී කරගත යුතු වනවා.
කෙසේ නමුත්, නව විශේෂාංගය ඇතුළත් කළ පසු ජංගම දුරකතනයේ බැටරිය අක්රීය වූවද ඒ හරහා පණිවුඩ යැවිය හැකියි.
මෙම තාක්ෂණය ‘සිග්නල්’ පණිවුඩ හුවමාරු මෘදුකාංගයේ දැනටමත් භාවිත කෙරෙන අතර, එවැනි වැඩිදියුණු කිරීමක් බිලියන දෙක ඉක්ම වූ වට්ස්ඇප් ග්රාහකයින් කලක සිට අපේක්ෂාවෙන් පසුවුණා.
858 total views