මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඒ වෙනුවෙන්ම නිෂ්පාදිත විශේෂිත ස්මාර්ට් පන්දුවක් භාවිත කරන බවට විදෙස් මාධ්‍ය වර්තාකර සිටී.

‘සපොර්ට්කොර්’ නම් සමාගම සහ කලක පටන් ක්‍රිකට් උපකරණ නිෂ්පාදන සමාගමක් වන ‘කොකබුරා’ සමාගම එක්ව මෙන්ම පන්දුව නිර්මාණය කර තිබේ.

මෙම නව ක්‍රිකට් පන්දුව තුළ ඉලෙක්ට්‍රොනික පරිපථයක් සවිකර ඇති අතර එහි සංවේදක මගින් පන්දුවේ වේගය, පන්දුව කැරකෙන වට ගණන මෙන්ම පන්දුවෙන් ජනනය කරන බලය ද ඒ මොහොතේම ගණනය කරගත හැකිය.

එම තොරතුරු පරිගණකයක්, ස්මාර්ට් දුරකතනයක් හෝ ස්මාර්ට් ඔරලෝසුවක් ඔස්සේ නිරීක්ෂණය කළ හැකි වීමද මෙහි විශේෂත්වයකි.
මෙම පන්දුවෙන් ක්‍රිකට් විශ්ලේෂකයින්ට වැඩි වාසියක් සැලසෙන අතර පන්දුව පන්දු යවන්නාගේ අතින් මිදී පතිත වන තුරු කැරකැවෙන වට ගණන, පන්දුව පතිත වීමෙන් අනතුරුව පන්දුව කැරකැවෙන වේගය වැනි දත්ත ද එම පරිපථය මගින් ගණනය කරගත හැකිය.

පන්දුව අතින් නික්මෙන වේගය මෙන්ම පිත්තේ වදින විට පන්දුවේ වේගය ද මෙයින් සටහන් කරගත හැකි අතර පන්දුවේ බලය ද මේ නව ස්මාර්ට් පන්දුව ඔස්සේ දැන ගත හැකි වීමද විශේෂත්වයකි.

පන්දු යවන්නා විසින් පන්දුව යවන විට වැය කරන ශ්‍රමයද, පන්දුවේ බලයද නිරීක්ෂණය කළ හැකි අතර මෙම දත්ත තරග වදින කණ්ඩායම් දෙකට මෙන්ම විකාශන ආයතනය වෙත ද ඒ මොහොතේම ලබා දීමට හැකිය. මෙය ඉතිහාසයේ විශේෂතම සොයා ගැනීමක් ලෙසින් ක්‍රිකට් විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

 

 424 total views

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here