අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කර තිබෙනවා

ඒ සම්බන්දව මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් නොඉවසිල්ලෙන් බලා සිටි කරුණක් නම් ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පන්දුවාර විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් ප්‍රථම ස්ථානයට පැමිනේවි ද යන්නයි.

ක්‍රිකට් විචාරකයින් පවා මත පළ කර තිබුණේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගාවලියෙන් පසුව මේ වන විට ප්‍රථම ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකා ක්‍රීඩක Tabraiz Shamsi ව අභිබවමින් වනිදු හසරංග විස්සයි විස්ස පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ප්‍රථම ස්ථානයට පැමිණෙනු ඇති බවයි.

කෙසේ නමුත් මීට සුළු මොහොතකට පෙර යාවත්කාලීන කරන ලද මෙම ශ්‍රේණිගත කිරීම්හි දකුණු අප්‍රිකා ක්‍රිඩකය Tabraiz Shamsi ප්‍රසාද ලකුණු 775ක් සමඟ තවමත් ප්‍රථම ස්ථානයේ පසුවනවා

වනිදු හසරංග ප්‍රසාද ලකුණු 747ක් සමගින් දෙවන ස්ථානයේ පසුවන අතර තෙවන ස්ථානයේ පසු වන්නේ ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රශීඩ් ඛානුයි.

යාවත්කාලීන කරන ලද විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම පහතින්.

 278 total views

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here