සාරංග සහ දිනක්ශි කියන්නේ කැපී පෙනෙන දක්ෂතාවයන් දක්වපු විශිෂ්ට කලා නිර්මාණ කරුවන් දෙදෙනෙක්. ඔවුන් පිළිබඳව මේ දවස්වල වැඩිපුර කතාබහට ලක්වෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි සාරංග සහ දිනක්ෂි මේ වෙද්දි ආදරණීය දියණියගේ දෙමාපියන් වෙන්නට වාසනාව ලැබූ නිසයි.

මීට සති තුනකට විතර කලින් තමයි මේ සිඟිති දියණිය මේ ලෝකෙට ආවේ. ඒ ජීවිතය ගැන කතා කරන දිනක්ෂි සහ සාරංග කියන්නේ ඒක ඔවුන් දෙදෙනාටම ඉතාමත් අලුත් අත්දැකීමක් කියලයි. තාම මේ අත්දැකීමට හුරු වෙන ගමන් සිටින නිසා තව කෙනෙකුත් බලාකියා ගන්න තියෙනවා කියලා දැනෙද්දී ඉතිං එයාගේ වගකීම් කරට ගන්න ඕනේ කියලා හිතෙද්දී ජීවිතය පිළිබඳව අමුතුම හැඟීමක් දැනෙනවා කියලා සාරංග කිව්වා.

කොහොමෙන් කොහොම හරි ඔවුන් දෙදෙනා ආදරණීය දෙමව්පියන් වුණා කියලා ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. පස්සේ ටික දවසක් ගිහාම තමයි කලා ලෝකයේ තරු ඇතුළු ගොඩක් දෙනෙක් මේ පිළිබඳව දැන ගන්නේ. සරංග සහ දිනක්ෂි කියලා කියන්නේ ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන්නු යුවලක්.

නමුත් ඔවුන් දෙදෙනා මේ වන විට ඉතාමත් සාර්ථක යුග ජීවිතයක් ගත කරනවා. රට තුළ පවතින වසංගත රෝගී තත්ත්වය නිසාම බොහෝ දෙනෙක්ගේ ජීවිත අවදානම්. ඉතින් මේ කාලසීමාව තුලදි තමන්ගේ ආදරණීය දියණියගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සලකා බලපු සාරංග සහ දිනක්ෂි ඇයව බලන්න එන අමුත්තන්ට නීති අටක් හඳුන්වා දෙනවා. ඉතින් මෙහෙම හඳුන්වා දීපු නීති 8 සඳහන් පින්තූරයක් ඇගේ insragram පිටුවේ පළ කරලා තිබ්බා. ඒ නීති 8 තමයි ,

1. මගේ බබාව කිසිවිටකත් සිප ගැනීම තහනම්.
2. එන්න කලින් අනිවාරෙන්ම අහලා එන්න ඕනි.
3. මම තාම මේ දේවල් ඉගෙන ගන්නවා එනිසා ඒ පිලිබඳව කරුණාවන්ත වෙන්න.
4. බබා වඩා ගන්න කලින් ඔබේ දෑත් දෙක හොඳට පිරිසිදු කර ගන්න. කිසි විටෙකත් ඔබේ ඇඟිලි බබාගෙ කටේ තියන්න එපා.

5. ඔබේ සමීපතයෙක් හෝ ඔබ අසනීපෙන් සිටීනම් ගමන කල් දාන්න.
6. සැර සුවඳ විලවුන් ගල්වා ගෙන එන්න එපා.
7. දරුවා බලලා ආවට පස්සෙ ඒ පින්තූර සමාජ මාධ්‍ය වෙත යොමු කරන්න කලින් මගෙන් අහන්න.
8. ගොඩක් වෙලා රැඳී සිටින්න එපා.

මේ අය තමන්ගේ ආදරණීය දියණියව බලන්න එන සමිපතයන් සියලුම දෙනාගෙන් ඉල්ලපු ඒ ඉල්ලීම් අටයි. කෙසේ නමුත් ඕනෙම අම්මා කෙනෙක් රට තුළ පවතින වසංගත තත්වය නිසා බයෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතිං ඔවුනුත් ඒ වගේ අවස්ථාවකට තමයි මේ වෙද්දි මුහුණ දීලා තියෙන්නේ.

කිසිම කරදරයක් නොවී නිදුක් නිරෝගී ව ආදරණීය දියණියත් එක්ක සතුටින් කාලය ගත කිරීමට ඔවුන් දෙදෙනාටම ඉඩකඩ ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

 264 total views

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here