හොර කපුවන්, තක්කඩි කට්ටඩි, යක් දෙස්සන්” බලිතොවිල් කාරයන්ගෙන් අසරණ” අහිංසක දරුවන්ට, කාන්තාවන්ට සිදුවන විපත් එන්න එන්නම වැඩිවන බවක් පෙනෙන්නට ඇත. මේ අදමිටු පුද්ගලයන්ගෙන් ජනසමාජයට සිදුවන අවැඩ ගැන දින පතාම රටේ සෑම ප්‍රදේශයකින්ම පාහේ වාර්තාවන පුවත් නිසා මේ බව වඩාත් තහවුරු වේ.

මේ තක්කඩි කට්ටඩියන්ට රැවටී ඔවුන්ගේ බස් අසා තම්නගේ අතේ ඇති තුට්ටු දෙක පූජාකර අන්තිමේදී තම පතිවතින් පවා වන්දිගෙවන කාන්තාවන් තවමත් මේ රටේ සිටිති. මේ හොර ගෙඩියන් ගැන ජනමාධ්‍යය මඟින් ඕනෑවටත් වඩා හෙලිකර ඇතත් අදටත් මොවුන්ට රැවටෙන පිරිස සුළුපටු නොවේ. ඒ ඔවුන්ගේ මෝඩකම නිසා නොවේද? ඊටත් වඩා භයානක කාරණය නම් මේ තක්කඩියන්ගේ බහට රැවටී තම දු දරුවන්ගේ ජීවිත පවා නැති නාස්ති කරන්නට හදන මව්පියන ඥාතීන් මේ ජන සමාජයේ සිටීමය. මෙවැනි හොර තක්කඩින් නක්ෂත්‍රකරුවකුගේ බහට රැටවී තම දියණියගේ කුසේ සිටි දරුවා නැතිකිරීමට ගිය මවක ගැන අසන්නට ලැබුණේ කිරිබත්ගොඩ, ඊරියවැටිය ප්‍රදේශයෙනී.

සුරුපී යුවතියක් වු`ඇය24 හැවිරිදි වියේ පසුවන්නීය.තරුණීය මීට වසර පහකට පමණ පෙර තරුණයකු සමග පෙමින් බැඳුණාය.ඒවනවිට ඇගේ වයස අවුරුදු 19කි. තරුණයා අත්තීම අහිංසකයෙකි, ඔහුට වැඩි සමාජ ආශ්‍රයක් නැත,එහෙත් හොඳ ගතිගුණ ඇත්තෙකි.වැඩි කතාබහක් නැතත් ගුණ යහපත් පුද්ගලයෙකි. තරුණිය තම පෙම්සබඳතාවය ගැන නිවෙසේ අයට කියනනේ මේ අතරය. ඇගේ මව කොළඹ රජයේ කාර්යාලයක තනතුරක් දරණ නිලධාරීනියකි.පදිංචිය කිරිබත්ගොඩ, ඊරියවැටිය ප්‍රදේශයේය. දියණියගේ‍ සබඳතාවට මවගේ විරෝධය එල්ලවිය.මේ පෙම් සබඳතාව නවත්වන ලෙස මේ දියණියට කීවත් ඇය එය නැවැත්වූයේ නැත. මාපිය විරෝධතා නොතැකූ දියණිය,පෙම්වතා සමග විවාහ දිවියට ඇතුල්වූවාය.ඒ මීට වසර 5කට පමණ පෙරය. විවාහයෙන්අනතුරුව දෙදෙනා කැලණිය ප්‍රදේශයේ වෙනම නිවෙසක පදිංචිවූහ. ඒගැනද මවගේ ඒහැටි කැමැත්තක් තිබුණේ නැත.

එහෙත් ඇයට කළ හැකි දෙයක් නොවීය. තමදයණිය, තමාගේ අවවාද අනුශාසනා නොතකා තමා අකමැති තරුණයකු සමග විවාහ වීම ගැන මේ මවගේ සිතේ තරහක්,කණගාටුව තිබෙන්නට ඇතත් ඇය එය පිටතට නොපෙන්වූවාය. දියණිය සැමියාගෙන් ඈත් කරන්නට ඈ ඒවන විටත් සැලැසුම්කර තිබිණි. මේ බව දියණිය හෝ ඇගේ සැමියා දැන සිටියේ නැත. සැලසුමට අනුව දියණිය නිවෙසට පැමිණී මේ කාන්තාව දෙදෙනා කැඳවාගෙන සිය නිවෙසට යන්නේ දෙදෙනා කෙරෙහි බොරු ඇල්මක් පෙන්වමිනි. ඉන්බසු මේ යුවල ජීවත්වන්නේ මවට අයත් නිවෙසේය. මෙලෙස දින සති මාස ගෙවී යද්දී මවගේ නපුරු ගතිගුණ එලියට එන අයුරු දියණියට වැටහිණි.

සැමියාගේ නුගුණ මව තමන්ට නිතර කියත අයුරුත් ඔහුගෙන් දික්කසාද වන්නට යැයි බලකරන අයුරුත් දියණියඋපේක්ෂා සහගතව ඉවසාගෙන සිටියාය. මේ අතර ඇය ගැබ් ගත්තාය.දියණියගේ හඳහන රැගෙන මව ප්‍රදේශයේ නක්ෂත්‍රකරුවකු වෙත හැකි ඉක්මණීන්ම යන්නේ දියණියගේ සහ ලැබෙන්නට සිටින දරුවාගේ අනාගතය ගැන දැනගැනීමේ අරමුණෙනි. දියණීයගේ ජන්ම පත්‍රය පරීක්ෂා කළ ජ්‍යෙතිෂවේදියා කීයන්නේ අතීභයානක කතාවකි. ඒ මේ කාලයේ දියණිය දරුවකු ප්‍රසුතකිරීම, දියණියටත් දරුවාටත් මාරක අපල දෙන බවය. ඒ කතාවෙන් මව භීතියටත්, කම්පනයටත් පත්වන්නටද ඇත. ඉන්දනතුරුව තමන්කළ යුතු දේ ගැන ද මේ මව කල්පනා කර සැලසුම් කරන්නට ඇත. ඉදිරි වැඩ පිළිවෙළක්‍රියාත්මක වන්නේ ඒ අනුවය.

දියණීය වෙනත් ස්ථානයකට ගෙනගොස් ඇගේ දරු ගැබ නැති කිරීමට ටම් මව ඒවනවිටත් පිඹුරුපත් සකස්කර තීබිණි. ඒ සඳහා තව තිදෙනකුද සහය කරගැනීමටසුදානම්ව සිටියාය.දියණීිය නිවෙසින් පිටතට කැඳවාගෙන ගොස් ඇගේ සැමියාට හොරෙන් වෙනත් ස්ථානයක රඳවා තබාගෙන මේ ක්‍රියාව සිදුකිරීම මවගේ අරමුණ විය. මව ඒසැලසුම ක්‍රියාත්මක කළේ උපක්‍රමශිලීවය. දියණිය නිවෙසේ සිටින අතරේ ඉන් පිටතට ගිය මව,ටික වේලාවකින් ඇයටදුරකතන ඇමැතුමක් දුන්නාය. මවගේ සූක්ෂම උපක්‍රමය සහ ඇය සිදුකරන්නට යන අපරාධය ගැන දියණිය කිසිවක් දැන සිටියේද නැත. ඇය මවගේ දුරකතන ඇමතුමට පිළිතුරු දුන්නාය. කිසියම් තැනකට එ මොහොතේම පැමිණෙන ලෙස එම පණීවිඩයෙ කියැවිණි.

මවගේ ඇමතුමට අනුව ඇය එන්නැයි කී ස්ථානයට මේ දියණිය යන්නේ ඒ අනුවය.ඇය එහි යද්දී එතැන සිටියේ මව පමණි. තවත් මොහොතකින් මේ දියණියට මුහුණපාන්නට සිදුවූයේ අනපේක්ෂිත සිදුවීමකටය. එතැනට පැමිණි වැන් රථයකට දියණිය බලහත්කාරයෙන් නංවාගත් මව,ඇය රැගෙන යන්නේ කැගල්ල ප්‍රදේශයටය.වලව්වක් වැනි නිවෙසකට දියණියගෙන ගිය මෙ මව, ඇය එහි රඳවාගෙන සිටියේ බලහත්කාරයෙනි.මේ කටයුතු සඳහා ඇයට තවත් තිදෙනෙකුගේ සහය ලැබිණි. මව,තමාපැහැරන්ගෙන කෑගල්ලට රැගෙන ආ නියම හේතූව දියණීය දැන කියා ගන්නේ එම නිවෙසේදීය. මවගේ සාහසික අදහසට ඇය විරුද්ධ වූවත් ඇයට ඉන් එහා කරකියාගත හැකි දෙයක් තිබුණේ නැත.

මවගේ බලකිරීමඋග්‍රවන්නේ ඉන් අනතුරුවයි.මව ඇයට දෙන බෙහෙත් වර්ගයක් පානය කිරීමට සහ සිරුරට ඇතුළු කරගැනීමට සිදුවන්නේත් මවගේ තර්ජනය සහ බලකිරීම නිසාය.මව මේ තමාට බෙහෙත් පෙති පොවන්නේ තමන්ගේ කුසේ සිටින දරුවා නැති කිරීමේ අරමුණෙන් බව දියණිය දැන සිටියාය. මව,තමා රඳවා සිටින ස්ථානය ගැන දියණිය ඒ වනවිට බොහෝ තොරතුරු සොයාගෙන තිබිණි. ඇගේ එකම අරමුණ වූයේ අවස්ථාවක් ලද සැනින් එම නිවෙසින් පලායැමයි. ඕ ඊට අවස්ථාවක් ලැබෙනතුරු ඇගිලි ගනිමින් සිටියාය. ඒවනවිට ඇය කැගල්ලේ අදාල ස්ථානයේ රඳවා දින පහක් පමණ ගත වි තිබිණි.දිනක් රාත්‍රී කාලයේ ලද අවස්ථාවක් ප්‍රයෝජනයට ගත් දියණිය එම නිවෙසින් පලා යන්නේ ක්ණීකවමය. අසල නිවසකට ගිය ඇය තමන් මුහුණපා සිටින තත්වය ගැන එම නිවෙසේ අයට කියන්නේ හැඬු කඳුලෙනි.

එම නිවෙසේ සිටි අයගෙන් ජංගම දුරකතනයක් ඉල්ලාගෙන තම සැමියාට කතාකළ ඇය,තම මුහුණ පා සිටින තත්වය ගැන ඔහුට පැහැදිලි කළාය.තම බිරිය සොයමින් සිටි සැමියා දද බිරිය කීමග ඔස්සේ කැගල්ලට පැමිණෙන්නේ ඉන්පසුවය. කෑගලෙත් පිට වි කැලණියට පැමිණී මේ අඹු සැමියෝ කැලණීය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් හමුවන්නේ ඉන්අනතරුවය. මේ අඹුසැමියන් කිරිබත්ගොඩ පොලිසියට යොමුකළජ්‍යෙෂ්ඨපොලිස් අධිකාරිවරයා ගැන විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් සිරිත් පතිරණට දැනුම් දුන්නේය.

අඹුසැමියන් කළ පැමිණිල්ල විමර්ශනය කිරීම ඇරැඹෙන්නේ එතැන් සිටය.ගැබිණීය රාගම රෝහලට ඇතුලු කෙරුණේ ඇගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන්, පසුවය. සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී මේ කතාවේ සුල මුල හෙලිවිය. සැකකාරිය පනස්එක් හැවිරිදය .ඇය කොළඹ පිහිටි දෙපාර්තමේන්තුවක රාජ්‍ය කළ මණකරණ සහකාරවරියකි දියණියගේ සැමියා දුගීදුප්පත්,එතරම් පෙනුමක් නැති,කුලයෙන්ද අඩු අයකු නිසා ඇගේ දරුගැබ විනාශකර ඇය දික්කසාද කර අනතුරුව වෙනත් අයකුට විවාහ කරදීම මවගේඅරමුණ වී තිබුබව හෙලිවිය. ගැබිණියපැහැරගෙන යැමට ඇගේ මවට උදව්උපකාර කළ තිදෙනකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය. ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපරීක්ෂක බණ්ඩාර කාන්තා කොස්තාපල් නිලුකා වැඩිදුර විමර්ශන සිදුකරති.

අමල් රණබාහු

 42 total views

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here