වැස්සෙන් ආරක්ෂාවීමට ගසක් යටට වි සිටින පුද්ගලයෙකුගේ ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රචාරය කරමින් ඒ සඳහා සංවේදී සටහනක් තැබීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම වත්මන් ක්‍රිකට් තරග විනිසුරු කුමාර් ධර්මසේන මහතා කටයුතු කර තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ ඔහුගේ එම සංවේදී ෆේස් බුක් සටහනයි.

එක දිගට අවුරැදු 5 ක් කිලෝමීටර් සිය ගණන් බයික් එකේ තෙමුනු මට මේ අත්දැකීම පුදුම විදිහට දැනෙනව…😥 ඒ හැමවෙලේම පාරෙ නොතෙමී යන වාහන දිහා අහින්සක විදිහට බලන් හිටියෙ අල්පෙනෙති තුඩක තරම්වත් ඊරිසියාවකින් නම් නෙමේ…. ඒ හැමවෙලේම සිහින දැක්ක,, මාත් කවදහරි නොතෙමී යනව කියලා….
අද මම නොතෙමී යනවා… ඒත් අදටත් තවත් කෙනෙක් මෙහෙම ඉන්නව දකිද්දි දැනෙන හැගීම වචන වලින් කියන්න බෑ… 😥😥 මම නොතෙමී යද්දී මගේම එවුන් තෙමීගෙන එද්දී,, යද්දී පුදුම හැගීමක්… මට උබලත් එක්ක තෙමෙන්න බැරි වෙයි… ඒත් හදවතින් පතනව හැම මොහොතකම උබල හැමෝටම මාත් එක්ක නොතෙමී යන්න ඉක්මණටම….😥😥😥

KD

 92 total views

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here