ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තාවෙද්දී මෙම පිපිරුම් තම පුද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීම වෙනුවෙන් පාවිච්චි කළ හැකිදැයි කල්පනාවූ පාරිභෝගිකයෙකු සිලින්ඩරයක් අතින් වියදම් කර මිලට ගෙන එය තරහාකාරයාගේ නිවසට තෑග්ගක් ලෙස යවා ඇති අතර පසුව එය පුපුරනතුරු නොඉවසිල්ලෙන් සිට එසේ නොවූ නිසා ලිට්‍රො සමාගම අමතා

පිපිරීම ගැන විමසුම් කරන දුරකථන ඇමතුමක් ඇතුළත් වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාද මෙම වීඩියෝව පසුගියදා මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ට අසන්නට සලස්වනු ලැබුවේ සිනාසෙමිනි.මෙම වීඩියෝව විනෝදයට නිපදවූවක් වුවත් ඇත්තටම ලිට්‍රො සමාගම අමතා ඒ ගැන අසා ඇත.
වීඩියෝව පහතින්
වීඩියෝව – “හෙලෝ හෙලෝ ” youtube නාලිකාව

 58 total views

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here