කොටි බෝම්බෙට හසුව තාමත් ලෙඩ ඇඳේ ඉන්න මහින්ද විජේසේකරට “හොඳ වැඩේ” කිව්ව මනූෂ දැඩි විරෝධය හමුවේ සභාවෙන් පලායයි..!

ධීවර රාජ්‍ය ඇමති කාංචන විජේසේකර මහතාගේ පියා වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා කොටින්ගේ බෝම්බෙට හසුවුනාට “හොඳ වැඩේ” යැයි කියමින් ගාල්ල දිස්ත්‍රික්ක සමගි ජන බලවේග මන්ත්‍රී මනූෂ නානායක්කාර විසින් අද පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශ කිරීම නිසා සභාව තරමක් උණුසුම් වී තිබෙනවා.

පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ මනුෂ්‍යත්වයට නිගා දෙන කතා නොකියන්නැයි එහිදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු රැසක්ම මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට ප්‍රකාශ කර තිබෙන්නේ විශෙෂයෙන්ම කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බයකට හසුව තවමත් ලෙඩ ඇඳේ ඉන්න තාත්තා කෙනෙක් සම්බන්ධව පුතෙක්ට එවැනි පහත් ආකාරයේ අශිෂ්ඨ කතා නොකියන ලෙසට අවවාද කරමිනුයි.

එමෙන්ම මෙහිදී ජේෂ්ඨ මැති ඇමතිවරුන් මනූෂ නානායක්කාර හට දැඩි සේ දෝෂාරෝපනය කර තිබෙනවා.

මනූෂ නානායක්කාර විසින් හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා සම්බන්ධව කියනු ලැබූ එම කතාවට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩිසේ අදහස් පල කරත්ම මනූෂ නානායක්කාර විසින් සභාවෙන් පලාගොස් තිබෙනවා.

2009 දී ධීවර අමාත්‍ය මහින්ද විජේසේකරයන්, අමාත්‍ය ඒ. එච්. එම්. පවුසි, ගම්පහ මන්ත්‍රී පණ්ඩු බණ්ඩාරනායක, මහින්ද යාපා අබේවර්ධන ආදී මැති ඇමැතීන් පිරිසක් සමගින් සහභාගී වූ අකුරැස්සේ ගොඩපිටිය මුස්ලිම් දේවස්ථානයේ උත්සවයකට ගොස් සිටියදී කොටි ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් පසු ව තවමත් සම්පූර්ණ සුවය ලබා නැති අතර මහින්ද විජේසේකරගේ හිසට හා සිරුරට සිදුවූ බරපතළ තත්ත්වය නිසා ඔහුගේ ජීවිතය පිළිබඳ අවිනිස්චිත තත්ත්වයෙන් යුතුව දෙස් විදෙස් ප්‍රතිකාර කරමින් දිගු කලක් මරුවා සමග පොර බැදුව අතර තවමත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 72 total views

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here