දිලිත් ජයවීර සහ දර්ශන හදුන්ගොඩ අතර උණුසුම් තත්ත්වයක්……

දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීරට SL දේශයේ දර්ශන හදුන්ගොඩ විසින් අභියෝගයක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා නයි පෙන්වා සිය නාලිකාව මගින් ජනතාව නොමඟ යැවූ බව පවසමින්.

රටේ පවතින වත්මන් තත්වය විසඳීම උදෙසා විවිධ පුද්ගලයින් හා සංවිධාන විසින් ඉදිරිපත් කළ අදහස් හා යෝජනා පාදක කරගෙන සැකසූ විද්වත් කතිකාවතක් අද පෙරවරුවේ කොල්ලුපිටිය රේණුකා හෝටලයේදී පැවැත්වුණා. මේ සඳහා විවිධ පුද්ගලයින් පැමිණ සිටි අතර SL Deshaya යූ ටියුබ් නාලිකාව නියෝජනය කරමින් දර්ශන හදුන්ගොඩ ද මෙහි පැමිණ සිටියා. මෙහිදී දර්ශන හඳුන් කොට නැගී සිටිමින් පවසා සිටියේ පිරිපුන් හෙටක් වෙනුවෙන් වැඩ කිරීමට පෙර තමන් අතින් සිදු වූ වැරදි සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ගත යුතු බවයි. දිලිත් ජයවීරට අභියෝගයක් ඉදිරිපත් කරමින් දර්ශන හදුන්ගොඩ අදහස් පළ කළ අතර පසුව ඊට පිළිතුරු නොදී දිලිත් ජයවීර එම සභා ගැබෙන් පිටව ගියේ මේ ආකාරයටයි .

 

 92 total views

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here