ඊයේ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබා ගැනීමට පොලිස් ඉන්ධනහලෙන් අවස්තාව ලබා දුන් පුවතට විශාල ප්‍රචාරයක් ලැබුනේ ජනතාව පෝලිමේ සිටියදී මන්ත්‍රීවරුන්ට එසේ ඉන්ධන ලබා දීම විවේචනයට ලක් කරමින්. කෙසේ වෙතත් එම විවේචනය තවත් වැඩි කරමින් සිරස ප්‍රවෘති විකාශය තුල නාරාහේන්පිට පොලිස් පිරවුම්හලේ තෙල් පොම්පයේ සඳහන් ඉන්ධන මිල සම්බන්ධයෙන් දැක්වූ දර්ශනයක් සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර පලවන අතර අඩු මිලට ඉන්ධන ලබාදෙන බවට දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.

මේ සම්බන්ධයෙන් පළවූ පුවතකට පිළිතුරු දෙමින් රජයේ ආයතන වල ඉන්ධන ලබා දීමේදී ලීටර් ගණන පමණක් සැලකිල්ලට ගන්නා බවට කෙරුණු පැහැදිලිකිරීමක් සමාජ මාධ්‍ය ඔස්සේ පලවී තිබුනා. තවදුරටත් ඔහු කියා සිටින්නේ සිරස ජනතාව කුපිත කරන පුවත් පලකිරීම වැරදි සහගත බවයි.

අදාළ සාමාජ ජාල සටහන පහතින්…

මේක මෙහෙමයි වෙන්නෙ..
රජයේ වාහන වලට ඉන්ධන නිකුත් කරන තැන් වල ඉන්ධන නිකුත් කරන්නෙ මුදල් ප්‍රමාණයට නෙමෙයි.ලීටර් ගානට.අපි තෙල් ගහන්න ගියාම පොම්පෙ සටහන් කරන්නෙ මුදල් ගානනෙ.නමුත් රජයේ තැන් වල එහෙම නෙමෙයි ලීටර් ගාන පොම්පෙ සටහන් කරලයි තෙල් ගහන්නෙ.ඒක නිසා පොම්පෙ සටහන් කරල තියන මිල වෙනස් කරල නෑ.මුදල් ගැනීමේ කුවිතාන්සියෙ හරියට ලියනවා ඩීසල් නම් 289 × ලීටර් ගණන

උදාහරණයක් ගත්තොත් ඩිපෝ වල පොම්ප බලන්න.හැම ඩිපෝවෙම වගේ පොම්පෙ සටහන් වෙලා තියෙන්නෙ තාම රුපියල් එකසිය එකොළහ.ඒ උනාට පුද්ගලික බස් වලට,ඇම්බුයලන්ස් වලට හදිසි අවස්ථාවකදි අපේ පෞද්ගලික වාහන වලට මේ කාලයේදී ඩිපෝ අධිකාරිගෙ අවසරය මත ඩීසල් ගහන්න පුළුවන් .මම ගහලත් තියනව.එතනදි කියන්න ඕන අපට අවශ්‍ය ඩීසල් ලීටර් ගාණන.ඒක කිව්වම ලීටර් ගණන × 289 තමයි අපි සල්ලි ගෙවන්න ඕන.ඒ ගෙවපු බිලත් අරගෙන ඩිපෝවේ පොම්පෙ ගාවට ගියාම පොම්ප කරු ලීටර් ගාන පොම්පෙ සටහන් කරල අපිට ඩීසල් ගහනව.පොම්පෙ තියෙන මිල අදාළ නැහැ.

මේ ගැන හරියටම මම දන්න නිසයි කිව්වෙ.සිරස මෙහම නිව්ස් එකක් දැම්ම නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. කරුණාකර මේ ගැන සොයා බලා නිවැරැදි කරකන්න.සමාජය කුපිත වෙන්න පුළුවන් මේ වගේ නිව්ස් වලින්

 70 total views

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here