ඉන්ධන ලබා ගැනීම සඳහා අනෙක් පිරිස පැය ගණනක් පෝලිමේ සිටියදී ,පෝලිමෙන් පැන කලහයක් ඇති කරගත් තරුණියක් පිළිබඳව කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

නගරයට යාබද පිරවුම්හලකට තෙල් පැමිණෙන බව ආරංචි වීමත් සමඟම බොහෝ දෙනා පෝලිමට පැමිණ ඇත්තේ සිය වාහනයට ඉන්ධන ලබා ගැනීමටයි.

ඔවුන් පැය ගණනක් පෝලිමේ සිට ඇති අතර බවුසරය පැමිණ තෙල් බාන අවස්ථාවේදී ස්කූටරයකින් එහි පැමිණි තරුණියක් පෝලිමේ ඉදිරියෙන් සිටි පුද්ගලයාට යමක් පවසා තිබෙනවා.

අදාළ සිදුවීම කුමක්දැයි අනෙක් අයද එවිට අවධානය යොමු කොට ඇති අතර හෙල්මටය ගලවා මුඛ ආවරණයද ඉවත් කොට ඇති තරුණිය පවසා ඇත්තේ

“මාව අඳුරන්නේ නැද්ද ? මම අහවලානේ.ටික් ටොක් එකේ මං ගොඩක් ප්‍රසිද්ධයිනේ ” යනුවෙනුයි.

එවිට එහි සිටි කාන්තාවක් ඇගෙන් පෙරළා විමසා ඇත්තේ පෝලිමේ නොසිට තෙල් ලබා ගැනිම සහ ටික් ටොක් වීඩියෝ කිරීම අතර ඇති සම්බන්ධය කුමක්ද යන්නයි.

“අනේ අක්කි..අපිට ටික්ටොක් එකක් කරන්න තියෙනවා,ලේට් වෙන්න බැහැ.මන් ටක් ගාල තෙල් ගහගෙන යන්න කියලා ආවේ ”

යනුවෙන් අදාළ තරුණිය එවිට පිළිතුරු දී තිබෙනවා.

සිනහ මුසු මුහුණින් ඇයට පිළිතුරු දී ඇති කාන්තාව පවසා ඇත්තේ,තමා රෝහලේ සේවය කරන හෙදියක් බවත්,රාජකාරියට යාම සඳහා තමා පැය ගණනක් පෝලිමේ සිට පෙට්‍රල් ලබා ගන්නා බවත් ය.

එහෙත් තමන් කිසිම විටෙක තමාගේ වෘත්තීය පවා තමාගේ වාසිය වෙනුවෙන් භාවිතා නොකරන බව පවසා එම තරුණියට කරුණු පැහැදිලි කර දී තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් පසුව අදාළ තරුණිය එම ස්ථානයේ නොසිට පිටව ගොස් ඇති අතර රටේ වර්තමාන තත්වය ගැන පවා ඇතැම් තරුණ තරුණියන්ට අවබෝධයක් නොමැති වීම කණගාටුවට කරුණක් බව එහි සිටි පිරිස අමතා එම වැඩිහිටි කාන්තාව පවසා තිබෙනවා.

 58 total views

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here