මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඉන්ධන පෝලිමෙන් පරිබාහිරව ඉන්ධන ලබා ගන්නා ආකාරය දැක්වෙන පින්තූර කිහිපයක් සමාජ ජාලවල හුවමාරු වෙයි.එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් චමුදිත සමරවික්‍රම මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත.
අදාල සටහන මෙසේය.
රත්මලානේ ගාලු පාර අයිනේ ෂෙඩ් එකක මිනිස්සු පෝළිමේ ඉද්දි මහ දවල් හොරට තෙල් ගහන්න මට පුළුවන්ද?
තෙල් නැතුව මගේ වාහනේ පාරේ නැවතුනාම තමුන්ට තෙල් නැතුව පෝළිමේ ඉදපු මගේ ප්‍රශ්නයට මැදිවෙලා ත්‍රී වීල් එකේ මාත් එක්ක IOC එකට යන්නත් ඇවිල්ල එතන මිනිස්සුත් කැමති වෙලා තෙල් ටිකක් අරන් දීපු ඒ අයිය ඇතුළු හැමෝගෙම මනුස්ස කමට ගොඩක් පින්.
මේ සේරම බලන් ඉදල හොරට පොටෝ ගහල වෙනම කතාවක් ලියල දාපු අපේ ඉස්කෝලේ මල්ලිටත් පොඩි මනුස්සයා වෙනුවෙන් කතා කරාට මට බනින හැමෝටමත් ස්තුතියි.
පොඩි දේටත් පොලීම්වල මිනිස්සු රන්ඩු වෙද්දී මට උදව් කලේ මම අදටත් පොඩි මිනහගේ නාට්ටාමියා නිසා තමයි.
බනින අයට උත්තර දෙන්න වෙලාව නාස්තිකරන එක මගේ පුරුද්දක් නම් නෙවෙයි. මේ ටික ලියල දැම්මෙත් බොරුවක් ඇත්තක් වෙලා මිනිස්සු මගෙන් අහන නිසයි.
58 total views